Wednesday, ජනවාරි 27, 2021 - 01:00
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළේදැයි ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණි.
නව අදහස දක්වන්න