ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට යුරෝපා සංගමයෙන් අපනයනය සීමාවක් | දිනමිණ

ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට යුරෝපා සංගමයෙන් අපනයනය සීමාවක්

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් නිෂ්පාදන සාමාජිකයන් 27ක් සිටින යුරෝපා සංගමයට එම කොවිඩ් 19 එන්නත් පොරොන්දු වූ ප්‍රමාණය සැපයීමට කටයුතු නොකිරීම ගැන අනතුරු අඟවන එම සංගමය එම එන්නත අපනයනය කිරීමට සීමා පනවන බවට අනතුරු අඟවයි. තම පුරවැසියන් රැකගැනීමට අවශ්‍ය කෙරෙන ඕනෑම පියවරක් ගන්නා බව යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා කිරියකිඩෙස් කීවාය. නිෂ්පාදන ගැටලු නිසා යුරෝපා සංගමයට පොරොන්දු වූ එන්නත් ප්‍රමාණය සැපයීමට නොහැකි වන බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම කියා තිබේ. සාමාජික රටවල් වෙනුවෙන් මිල දී ගත් එන්නත් නිසි පරිදි බෙදාහැරීමට අසමත් වී ඇතැයි යුරෝපා සංගමයට චෝදනා එල්ල වී තිබේ. මේ අර්බුදය නිසා එක්සත් ජනපදය සහ ජර්මනිය වැඩිදියුණු කර බෙල්ජියමේ නිෂ්පාදනය කරනු ලබන ෆයිසර්-එන්බයෝටෙක් එන්නතේ කටයුතුවලට ද බාධා මතුවිය හැකි බව වැඩි දුරටත් වාර්තා වේ.

 

නව අදහස දක්වන්න