කොරෝනා ආසාදිතයන්ගෙන් ලොව 12 වන රට ආර්ජන්ටිනාව | දිනමිණ

කොරෝනා ආසාදිතයන්ගෙන් ලොව 12 වන රට ආර්ජන්ටිනාව

කොරෝනා ආසාදිතයන් ගණන අතරින් 12 වැනි ස්ථානයේ සිටින්නේ ආර්ජන්ටිනාවයි. එරට මෙතෙක් සිටි සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,885,210කි. ආර්ජන්ටිනාවේ සමස්ත කොරෝනා මරණ ගණන 47,253ක් ලෙස වාර්තාවී ඇත. රෝගය වැලඳුණු පිරිසෙන් 1,674,555ක් සුවය ලබා තිබේ. එරට දැනට රෝගය සක්‍රීයව පවතින ගණන 163,402කි. ආර්ජන්ටිනාවේ සිටින බරපතළ තත්ත්වයේ කොරෝනා ආසාදිතයන් ගණන 3,614කි. කෝටි හතර හමාරක ජනගහනයක් සිටින ආර්ජන්ටිනාවේ කොරෝනා පරීක්ෂණ හැට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිදු කර තිබේ. මෙය ජනගහනයේ මිලියනයකට අනුපාතයක් ලෙස සැලකීමේදී 131,512කි. ජනගහනයේ මිලියනයකට මරණ 1040 බරපතළ තත්ත්වයකි.

ජූනි මස මුල් භාගය වනතුරු ආර්ජන්ටිනාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වේගයෙන් ඉහළ ගියේ නැත. ජූනි මස මැද භාගයේ ශීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගත් සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන උච්ඡස්ථානයට පැමිණියේ ඔක්තෝබර් මස 21 වැනිදාය. එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 18,326කි. දෙසැම්බර් මස මැද භාගය වන විට 5000 සීමාවට පහළ ගිය එරට එක් දින කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය නැවත උච්ඡස්ථානයට පැමිණෙන්නේ මේ මස 12 වැනිදාය. එය ගණනින් 13,783කි. පෙරේදා (26) වන විට එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 10,409කි.

උස් පහත් වෙමින් පවතින එරට ක්‍රියාකාරී ආසාදිතයන් ගණන අගෝස්තු මස 08 වැනිදා, ඔක්තෝබර් මස 24 වැනිදා සහ මේ මස 17 වැනිදා ඉහළ මට්ටම් කරා පැමිණ තිබේ. මේ අවස්ථාවල පිළිවෙළින් 118,499/173839/176,100ක් ලෙස වාර්තාවී තිබේ. දෛනික මරණ වාර්තා අනුව වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඔක්තෝබර් මස 09 වැනිදාය. එය ගණනින් 515කි. මැයි මස අග සිට සැප්තැම්බර් මස අග දක්වා කාලයේත්, ඔක්තෝබර් මස අග සිට දෙසැම්බර් මස මැද දක්වා කාලයේත්, මේ මාසයේත් දෛනික මරණ ගණන උච්ඡාවචනය වන රැලි 3ක් එරට කොවිඩ් වාර්තාවල දක්නට ලැබේ. අගෝස්තු මාසයේ මුල් භාගයේ දින කිහිපයක් හැර මුළු කොරෝනා වසංගත කාලයේම නව කොරෝනා ආසාදිත ගණන සහ සුවය ලැබීම් ගණන සමපාත මට්ටමක පැවැතියේය.

 

බුද්ධි

කරුණාරත්න

නව අදහස දක්වන්න