මියන්මාරයේ උද්ඝෝෂණවලදී දෙදෙනෙක් මරුට | දිනමිණ

මියන්මාරයේ උද්ඝෝෂණවලදී දෙදෙනෙක් මරුට

පෙළපාළිකරුවන්  විසුරුවා හැරීමට පොලිසිය සජීවි පතොරම්  භාවිත කරලා

මිලිටරි කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාරයේ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මැන්ඩලේහි පෙළපාළිකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය සජීවී පතොරම් භාවිතා කළ බව ක්ෂේත්‍රයේ වාර්තා සඳහන් කරයි. අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනකුවත් තුවාල ලබා ඇති බව කියැ වේ. මියන්මාරයේ දෙවන විශාලතම නගරයේ නැව් අංගනයක පැවැති මේ රැලිය සඳහා සිය ගණනක් රැස්ව සිටියහ. සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් සමඟ ඇයව නිදහස් කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. නීතිවිරෝධී වෝකි ටෝකි ළඟ තබා ගැනීම සහ රටේ ස්වාභාවික ආපදා නීතිය උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ ඇය නිවාස අඩස්සියේ රඳවා සිටියි. පසුගිය වසරේදී එන්එල්ඩී පක්ෂයේ අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණය වංචනික යැයි හමුදාව චෝදනා කළද ඒ සඳහා සාක්ෂි ලබා දී නැත.

 

නව අදහස දක්වන්න