බාල වයස්කාරයකු දූෂණය කළ වරදටග්‍රීක නළු ඩිමිට්‍රිස් අත්අඩංගුවට | දිනමිණ

බාල වයස්කාරයකු දූෂණය කළ වරදටග්‍රීක නළු ඩිමිට්‍රිස් අත්අඩංගුවට

බාල වයස්කාර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකට ග්‍රීක නළුවෙකු හා අධ්‍යක්ෂකවරයකු වන ඩිමිට්‍රිස් ලිග්නාඩිස් අත්අඩංගුවට ගෙන තිබේ.

56 හැවිරිදි ලිග්නාඩිස්ට 2010 දී 14 හැවිරිදි පිරිමි ළමයෙකු දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ කර නොමැත. ග්‍රීසියේ ජාතික රඟහලේ හිටපු කලා අධ්‍යක්ෂවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ නීතිඥයා කීවේය. සෙනසුරාදා (20) ඇතන්ස්හි පොලිස් ස්ථානයකට ස්වේච්ඡාවෙන් පැමිණි ලිග්නාඩිස් අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය. ඔහු අත්අඩංගුවේ පසුවන්නේ විභාගයක් සිදු කරන මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පෙනී සිටීමේ අපේක්ෂාවෙන් බව එක්තිමෙරිනි පුවත්පත වාර්තා කරයි. "කටකතාවල විෂ සහිත වාතාවරණයක්" ගැන පැමිණිලි කරමින් ලිග්නාඩිස් මහතා මේ මස මුලදී ග්‍රීසියේ ජාතික රඟහලේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.

නව අදහස දක්වන්න