කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අනිද්දා මෙරටට | දිනමිණ

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අනිද්දා මෙරටට

මේ වන විට ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් අනිද්දා 25 (බ්‍රස්පතින්දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඇනමුව සිදුකළ බව කියා සිටි ඒ මහතා ඒ සදහා සියලු ගෙවීම් මේවනවිට සිදු කර අවසන් බව ද කීවේය.

එන්නත් ලක්ෂ පහ මෙරටට ලැබීමෙන් අනතුරුව එන්නත්කරණය කළ යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇති බව කියා සිටි වැඩබලන සෞඛ්ය ඇමැතිවරයා කඩිනමින් එන්නත්කරණය සිදු කරන බවද කීවේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න