පාස්කු වාර්තාව ලැබෙන තුරු දේශපාලනඥයන් මා හමු වන්න එපා | දිනමිණ

පාස්කු වාර්තාව ලැබෙන තුරු දේශපාලනඥයන් මා හමු වන්න එපා

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ලැබෙන තුරු කිසිදු දේශපාලනඥයකු තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය නිකුත් කරමින් දැනුම් දී තිබේ.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බවට උනවහන්සේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ හේතුවෙන් මාර්තු මස 02 දිනට යෙදී තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බව කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න