කසළ තේ 2500 kg අත්අඩංගුවට | දිනමිණ

කසළ තේ 2500 kg අත්අඩංගුවට

තලවකැලේ විශේෂ කාර්ය බලකාය විසින් පුංඩලුඔය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී කසළ තේ කිලෝ ග්‍රැම් 2500 ක් අත්අඩංගුවට ගෙන ඇත
 
 මේ සමඟ ලොරි රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කළේය
 
මේ පිළිබඳ ශ්‍රි ලංකා තේ මණ්ඩලයෙන් ලැබෙන වාර්තාව අනුව ඉදිරියේ දී නඩු පැවැරීම සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය

නව අදහස දක්වන්න