සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් වෙතින් ‘ECO Tablets’ වෙළෙඳපොළට | දිනමිණ

සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් වෙතින් ‘ECO Tablets’ වෙළෙඳපොළට

සී/ස සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් සමාගම වාහනවල එන්ජින් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන ඉන්ධන දහනය කාර්යක්ෂම කරන ‘ECO Tablets' නමින් නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කර ඇත. මෙම ‘ECO Tablets' නැනෝ තාක්ෂණය ඇසුරින් කාබනික ද්‍රව්‍ය පමණක් යොදා නිපදවයි. මෙය ඉන්ධන සමඟ මුසු කළ යුතු අතර පෙට්‍ර්ල් වාහන සඳහා ECO Racing නමින්ද, ඩීසල් වාහන සඳහා ECO Diesel නමින්ද දෙවර්ගයකින් මිලට ගත හැකිය. ‘ECO Tablets' භාවිතය එන්ජිමේ ආයු කාලය දෙගුණයකින් වැඩි වීමට සහ ස්පාර්ක් ප්ලග්, දහන කුටීර හා ඉන්ධන ටැංකිය පිරිසුදු වීමට හේතු වේ. ‘ECO Tablets' භාවිතයෙන් 20%ත් 50%ත් අතර ඉන්ධන ඉතිරියක්ද වේ. ECO Racing ඔක්ටේන් අගය 5ත් 10ත් අතර වැඩි කරයි. ECO Diesel සීටේන් අගය 2ත් 5ත් අතර වැඩි කරයි. එමගින් ඉන්ධන දහනයේ ක්‍රමවත් බව, කාර්යක්ෂමතාව සහ එන්ජිමේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එසේම කාබන් මොනොක්සයිඩ් පිටවීම 100%ක් හා සල්ෆර් ඩයොක්සයිඩ් පිටවීම 99%ක් අඩු කරයි.

ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය ‘ECO Tablets' පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස සහතික කර ඇත. අන්තර්ජාතික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ‘ECO Tablets' සන්නාම තානාපති ලෙස කටයුතු කරයි. ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරුවන් රැසක් ‘ECO Tablets' ඉතා සාර්ථක නිෂ්පාදනයක් බව සනාථ කර ඇත. ලොව පුරා වසර 10ක කාලයක් භාවිත කරන ‘ECO Tablets' යතරුපැදි ඇතුළු සියලු වාහන සඳහා සහ ඉන්ධනවලින් ක්‍රියාකරන සියලු යන්ත්‍ර සූත්‍ර සඳහා යොදා ගත හැකිය. ‘ECO Tablets'සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් සමාගමේ තවත් එක් පරිසර හිතකාමී ව්‍යාපෘතියකි.

 

නව අදහස දක්වන්න