NOLIMIT අඛ­ණ්ඩව 5 වැනි වර­ටත් විශි­ෂ්ට­තම රැකියා ස්ථාන­යක් වෙයි | දිනමිණ

NOLIMIT අඛ­ණ්ඩව 5 වැනි වර­ටත් විශි­ෂ්ට­තම රැකියා ස්ථාන­යක් වෙයි

ශ්‍රී ලංකාවේ විලා­සිතා අලෙ­වි­සල් අතර ප්‍රමු­ඛ­යකු වන NOLIMIT රැකියා කිරී­මට වඩාත් සුදුසු ස්ථාන අත­රින් එකක් ලෙස Great Place to Work®ආය­ත­නය මගින් පසු­ගි­යදා නම් කළේය. මේ සම්මාන උළෙල පසු­ගිය දා කොළඹ හිල්ටන් හෝට­ල­යේදී පැවති අතර එහිදී 2016 වසරේ සිට 2020 වසර දක්වා අඛ­ණ්ඩව වසර 5ක් මේ ඇග­යී­මට ලක්වීම වෙනු­වෙන් එම සම්මාන උළෙ­ලේදී ‘Laureate Award’ නම් විශේෂ සම්මා­නය ද NOLIMIT වෙත පිරි­න­මන ලදී.

ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ නව­තම ප්‍රව­ණතා හා විලා­සිතා අනුව උසස්ම තත්ත්ව­යෙන් යුත් ගෙවන මිලට ඉහ­ළම වටි­නා­ක­මක් දෙන ඇඟ­ලුම් පාරි­භෝ­ගි­ක­යන් වෙත දීමට NOLIMIT වර්ත­මා­නය වන විට සෑම ප්‍රධාන නග­ර­යක්ම පාහේ ආව­ර­ණය කර­මින් රට පුරා අලෙ­වි­සල් 21 ක් ඔස්සේ දීප ව්‍යාප්ත සේවා­වක් දියත් කිරී­මට සමත්ව ඇත.

Great Place to Work®ආය­ත­නය, ඉහ­ළම තලයේ විශ්වා­ස­නී­ය­ත්ව­යක් හා ක්‍රියා­කා­රී­ත්ව­යක් සහිත සේවා ස්ථාන සම්ප්‍ර­දා­යන් ඇග­යී­මට ලක් කිරීම සම්බ­න්ධ­යෙන් ලොව ප්‍රමු­ඛ­යකු ලෙස සැලකේ. වසර 30 කට අධික කාල­යක අත්දැ­කීම් පද­නම් කර ගනි­මින් එම ආය­ත­නය රැකියා ස්ථාන තුළ විශිෂ්ට මට්ටමේ වෘත්තීය සම්ප්‍ර­දා­යන් නිර්මා­ණය කිරී­මට හා පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය වැඩ­ස­ට­හන් රාමු, ආදර්ශ සහ විශේ­ෂඥ මඟ පෙන්වීම දෙයි.

 

නව අදහස දක්වන්න