SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය හච් | දිනමිණ

SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය හච්

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උලෙළෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. ‘Digital Campaigns Excellence 2019‘ සඳහා ලෝකඩ පදක්කම දිනා ගත් හච්, සම්මාන උලෙළේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා විය.

මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. ÒSLIM DIGIS 2.0 සම්මාන උලෙළේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා වීමට ලැබීම අපට ගෞරවයක් වගේම ඉතාමත් ආඩම්බරයක්. මෙය ශ්‍රී ලංකාව තුළ අපගේ ඩිජිටල් ව්‍යාපාරවල ඉහළ ගුණාත්මකභාවය නිර්වචනය කළ ජයග්‍රහණයක්. ඒ වගේම අපගේ සමස්ත කණ්ඩායම සහ ඩිජිටල් නියෝජිතායතනය වන Digibrush එක්ව කළ කැපවීම සහ උන්නදුව නිසාම අපට මේ සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුණා. මේ ජයග්‍රහණය වෙනුවෙන් මම ඔවුන්ට සුබ පතනවා.Ó

හච් සිය පාරිභෝගික සන්නිවේදනයේ නවෝත්පාදනයන්ට යොමු කරන අවධානය මෙමගින් පෙන්නුම් කරන අතර මේ ජයග්‍රාහී ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය දිවයින පුරා කළ 4G ආවරණ ව්‍යාප්තියට සමගාමීව සිදු කෙරිණි.

 

නව අදහස දක්වන්න