ඩැන් කාටර් ක්‍රීඩාවෙන් ඉවත් වෙයි | දිනමිණ

ඩැන් කාටර් ක්‍රීඩාවෙන් ඉවත් වෙයි

නවසීලන්තයට රග්බි ලෝක කුසලාන දෙකක් දිනා ගැනීමට විශිෂ්ට දායකත්වයක් දුන් සුපිරි ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩැන් කාටර් වෘත්තීය රග්බි ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

38 හැවිරිදි මේ ක්‍රීඩකයා නවසීලන්තය වෙනුවෙන් තරග 112කට ක්‍රීඩා කර ඇති අතර, ලෝක රග්බි පිටියේ වැඩිම ලකුණුලාභියා ද වේ. වසර 2003 දී පළමු වරට නවසීලන්තය නියෝජනය කළ කාටර් සිය අන්තර්ජාතික ක්‍රීඩා දිවිය තුළ උත්සාහක දිනුම් 29ක් තැබීමට සමත් වූ අතර, දඬුවම් පහර 281ක් එල්ල කර තිබේ. උත්සාහක දිනුම් 293ක් ගෝල බවට පත් කරමින් ද, ඩ්‍රොප් ගෝල 8ක් එල්ල කරමින් ද ඔහු ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 1598කි.

වසර තුනකදී වසරේ අන්තර්ජාතික රග්බි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ ඩැන් කාටර්ගේ සමස්ත ක්‍රීඩා දිවියට වසර 32කි. වසර 2005, 2012 සහ 2015 දී ඔහු වසරේ ක්‍රීඩකයා සම්මානය දිනාගත් අතර, වැඩිම වාර ගණනක් එම සම්මානයට හිමිකම් කී දෙවැනි ක්‍රීඩකයා ද වේ. ඊට පෙර නවසීලන්ත පිලේ හිටපු නායක රිචී මැකෝ එම වාර්තාවට හිමිකම් කීවේය.

නව අදහස දක්වන්න