කෑගල්ල දිසාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 2896ක් | දිනමිණ

කෑගල්ල දිසාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන 2896ක්

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පෙරේදා (22) දින වාර්තා වු කොවිඩ් රෝගීන් 59 දෙනා සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2896ක් බවත්, එයින් රෝගීන් 2264ක් සුවය ලබා ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකොළහේ පෙරේදා (22) වන විට රෝගීන් 632ක් තවමත් ප්‍රතිකාර ලබන බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

'දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (22) වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 111ක් වන අතර, එම කොට්ඨාසයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 624ක්. එයින් සුවය ලැබූ සංඛ්‍යාව 513ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන් ගණන 45,287ක් වන අතර, එයින් නිරෝධායනය අවසන් කර ඇති සංඛ්‍යාව 41,590ක්. එවගේම දිස්ත්‍රික්කයේ සමස්ත මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රඹුක්කන උතුර සමූහ 
විපුල එස්. කුමාරතුංග

නව අදහස දක්වන්න