උද්ධමනය තවදුරටත් පහළට | දිනමිණ

උද්ධමනය තවදුරටත් පහළට

මහින්ද අලුත්ගෙදර

වර්තමානය වනවිට රට හමුවේ පවතින අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය පසුගිය ජනවාරි මාසයේ දී පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් මඟින් සදහන් කරයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පසුගිය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.6 හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.7 දක්වා පහළ ගොස් තිබෙන අතර 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මඟින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතුවූ බවද කියාසිටී. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 7.5 හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 2.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2020 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති සියයට 6.2 හි සිට මේ වසරේ ජනවාරි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න