අන්තර්ජාලයෙන් ත්‍රස්තවාදය වර්ධනය කරන්නන්ට එරෙහිව නීතිය තදින් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක | දිනමිණ

අන්තර්ජාලයෙන් ත්‍රස්තවාදය වර්ධනය කරන්නන්ට එරෙහිව නීතිය තදින් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සුභාෂිණී සේනානායක
රක්ෂණ ශ්‍රියන්ත

අන්තර්ජාලය ඔස්සේ ත්‍රස්තවාදය වර්ධනය කිරිමට කටයුතු කරන්න්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බවත් එවැනි අයවළුන් සොයා පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අංඩුගුවට ගෙන ඇති මේ සැකකරු 25 හැවිරිදි සැකකරුවකු වන බවත් ඔහුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති අතර ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කර ඇති බවට ද තොරතුරු හෙළිවී තිබෙන බවත් කියා සිටි ඒ මහතා ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.

නව අදහස දක්වන්න