පසුගිය රජයේ ඇමැතිවරුන් ජිනීවා කොමිසමට රට පාවා දුන්නා - පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි | දිනමිණ

පසුගිය රජයේ ඇමැතිවරුන් ජිනීවා කොමිසමට රට පාවා දුන්නා - පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි

අසේල කුරුළුවංශ

 

ජිනිවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ බලපෑම් කරනු ලබන්නේ පසුගිය රජයේ මැති ඇමැතිවරුන් කොමිසම හමුවේ රට පාවදී කළ ද්‍රෝහි ක්‍රියාව නිසා බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

දෙමළ ඩයස්පෝරාව හා බටහිර රටවල් කිහිපයක් එකතුව මෙරට ස්වෛරීභාවයට තර්ජනයක් වන අයුරින් නොයෙකුත් චෝදනා එල්ල කරද්දී පසුගිය යහ පාලන රජයේ මැති ඇමැතිවරු ඒවා පිළිගෙන රටට එරෙහිව ක්‍රියාත්මක වීමට එකඟතාව පළ කිරීමේ පලවිපාක වත්මන් ආණ්ඩුවට විඳීමට සිදුව තිබෙන බවද උන්වහන්සේ කීහ. ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව නඟා තිබෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධම්මානන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ මෙරට මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රී ලංකා රජයට හා ත්‍රිවිධ හමුදාවට චෝදනා ඉදිරිපත් කරද්දී අපේ දේශපාලන නායකයන් ඒවා හිස් මුදුනින් පිළිගෙන විදේශීය නියෝජිතයන් ගෙන් සැදුම්ලත් අධිකරණයක් මගින් ඒ සම්බන්ධ නඩු විභාග කිරීමට එකඟතාව පළකළ බවත් වත්මන් රජය ඒ අනුව කටයුතු නොකිරීම නිසා මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි බලපෑම් එල්ල කරන්නට පටන් ගෙන තිබෙන බවත් ලේඛකාධිකාරී නාහිමියෝ පැවසූහ.

 




නව අදහස දක්වන්න