BJP ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් හින්දු ජනයාට ප්‍රතිලාභයක් නෑ | දිනමිණ

BJP ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් හින්දු ජනයාට ප්‍රතිලාභයක් නෑ

ඉන්දීය භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමෙන් හින්දු ජනයාට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත් එය එසේ වුවහොත් අවසාන ප්‍රතිඵලය වන්නේ මේ රටේ දෙමළ භාෂාව කතා කරන දෙමළ ක්‍රිස්තියානි හා මුස්ලිම් කොටස්වල සහායත් තමිල්නාඩුවේ සහායත් අහිමිව යෑම බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා පෙරේදා (23) දා පැවසීය.

යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය තුළ ඇති මූලික කාරණා හතර මේ රටේ හින්දූන්ට පවා අනුගමනය කිරීමට නොහැකි බවයි.

ගවයන්ගේ මුත්‍රා පානය කිරීමට අවශ්‍යනම් ගවයා දේවත්වයෙන් සැලකීමට හැකිනම් ගව මස් අනුභව කළ හොත් පහර කෑමට සූදානම් නම් සහ මුස්ලිම් වෙළෙඳසල් වර්ජනය කිරීමට හැකි නම් පමණක් භාරතීය ජනතා පක්ෂය වැලඳ ගත යුතු බව විග්නේෂ්වරන් හිටපු ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

එම පක්ෂයේ ප්‍රතිපත්ති එසේ වුවත් ඔවුන්ගේ රට වන ඉන්දියාව මුස්ලිම් රටවලින් තෙල් මිලට ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නා සේම තවත් ප්‍රශ්නවලදී ඔවුන්ගේ ප්‍රතිපත්ති නොගැළපෙන බවද හිටපු ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න