අවුරුදු 60ට වැඩි අයටත් කොවිෂීල්ඩ් එන්නත | දිනමිණ

අවුරුදු 60ට වැඩි අයටත් කොවිෂීල්ඩ් එන්නත

අවුරුදු 60 ට වැඩි පිරිස් වෙනුවෙන් ද ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඊයේ (24) ප්‍රකාශ කළාය.

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීන්දු තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබා දීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ බව පැවැසු ඒ මහත්මිය මේ අය ගත් හදිසි තීරණ නිසා එන්තත ලබා දීමේ වයස් සීමාව 30 සිට 60 දක්වා සීමා කරනු ලැබූවද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු වයස 60 ට ඉහළ අයටද එන්නත ලබා දීමට කාර්ය සාධන බළකාය විසින් තීරණය කරනු ලැබූ බව ද ඇය පැවසුවාය.

මෙම එන්නත දෙනු ලැබුවේ මරණ අනුපාත අඩු කරගැනීමට අවශ්‍ය නිසා බැවින් 60 ට ඉහළ අයටත් එන්නත දිම අනිවාර්ය බවට කාර්යසාධන බළකාය විසින් තීන්දු කරනු ලැබූ බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් කීවාය.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න