ත්‍රිකුණාමලයේ කැලෑ විනාශය වළක්වන්න කඩාපනින හමුදාවක් | දිනමිණ

ත්‍රිකුණාමලයේ කැලෑ විනාශය වළක්වන්න කඩාපනින හමුදාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වන විනාශයන් නතර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් කඩාපනින හමුදාවක් යෙදවීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විශේෂ තීරණයක් ගෙන තිබේ.

නැඟෙනහිර පළාතේ වන විනාශයන් සහ අක්‍රමිකතා වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ නැඟෙනහිර පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමල ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඊයේ (24) මේ තීරණය ගෙන ඇත.

හදිසි වැටලීම්වලට අමතරව නැඟෙනහිර පළාතේ වන විනාශයන් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමට 070-701111 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීමටත් ඒ ඔස්සේ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීමටත් ආණ්ඩුකාරවරිය පියවර ගෙන ඇත.

ප්‍රාදේශීය මට්ටමින් පරිසර කමිටු පිහිටුවීමටද පියවර ගන්නැයි ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයාට මෙහිදී උපදෙස්දී ඇති අතර මින් ඉදිරියට වනාන්තර සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන කුමන හෝ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශයන්ට උපදෙස් දී තිබේ.

රුවන්ත නිතුල්ගස්පිටිය

රුවන්ත නිතුල්ගස්පිටිය

නව අදහස දක්වන්න