ටෙක්සාස්හි දුම්රිය හරස් මඟකදී තෙල් ප්‍රවාහන දුම්රියක් ගිනි අරන් | දිනමිණ

ටෙක්සාස්හි දුම්රිය හරස් මඟකදී තෙල් ප්‍රවාහන දුම්රියක් ගිනි අරන්

එක්සත් ජනපද ටෙක්සාස් ප්‍රාන්තයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරියක ගැටීමෙන් පෙට්‍රල් ප්‍රවාහනය කරන භාණ්ඩ දුම්රියක් ගිනිගෙන ඇති බව පොලිසිය පවසයි.

මිලාම් ප්‍රාන්තයේ කැමරන් නගරයේ සිදුවූ මේ අනතුර ගැන නිකුත් වී ඇති වීඩියෝ පටයේ දැක්වෙන්නේ කළු දුමාරයක් අහස පුරා විහිදී යන ආකාරයයි. අසල නිවාසවල වැසියන් ඉවත් කිරීමට සිදු වූ අතර අවම වශයෙන් එක් දේපලක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වූ බව පොලිසිය පවසයි. වාහනයේ රියැදුරු සහ දුම්රියේ සිටි පුද්ගලයන් නිරුපද්‍රිතව බේරී ඇති අතර කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත. "වාසනාවකට මෙන්, සෑම දෙනාම හොඳින් සිටින බව පෙනේ," මිලාම් ප්‍රාන්තයේ පොලිස් මුලෑදෑනී ක්‍රිස් වයිට් මාධ්‍යවේදීන් අමතමින් කීවේය, ඔහු වැඩිදුරටත් කීවේ "මේ අවස්ථාවේ දී තවත් තර්ජනයක් නොමැති" බවත්, "ගින්න නිවා දමා තත්ත්වය ආරක්ෂිත බවට පත් කිරීම" කෙරෙහි අවධානය යොමු කළ බවත් පැවසීය. දුම්රියේ අවම වශයෙන් කොටස් තුනකට ගින්න පැතිරුණු අතර ට්‍රක් රථ කිහිපයක් ධාවන පථයෙන් ඉවත් වී ඇත.

නව අදහස දක්වන්න