හෆීස් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව එපා කියයි | දිනමිණ

හෆීස් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව එපා කියයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් 2020/21 තරග වාරයට අදාළ දුන් කොන්ත්‍රාත් ගිවිසුම තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙවර හෆීස්ට ‘සී’ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් දීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති අතර, අවම කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් දීම සම්බන්ධයෙන් නොසතුටට පත්වීමෙන් මෙලෙස සිය කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමට හසීස් තීරණය කර ඇත.

40 හැවිරිදි හෆීස් 2019 වසරේ සිට මධ්‍යම කොන්ත්‍රාත්තුවක් නැතිව සිටියද, පසුගිය වසරේදී ඔහුට පකිස්තානය වෙනුවෙන් වසරක් තුළ ක්‍රීඩා කළ ඕනෑම ක්‍රීඩාවක් සඳහා තරග ගාස්තු කාණ්ඩයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි. පසුගිය වසර තුළ විස්සයි20 තරගවලදී ලකුණු රැස් කිරීම අතින් හෆීස් (331) දෙවැනි වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ඩේවිඩ් මාලන්ට (386) පමණි.

මේ නව ගිවිසුම් අනුව ‘බී’ කාණ්ඩයේ සිටි මොහොමඩ් රිස්වාන් ‘ඒ’ කාණ්ඩයට ද ෆවාඩ් අලාම්ට ‘සී’ කාණ්ඩයට උසස් කර තිබේ. රිස්වාන් පසුගිය වසරේ පාකිස්තානයේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තේය. රිස්වාන් සමඟ අසාර් අලී සහ ශහින් ශාහ් අෆ්රිඩි ‘ඒ’ කාණ්ඩයට උසස් වී ඇති අතර, බාබර් අසාම් ද ‘ඒ’ ගිවිසුම් අත්සන් කර තිබේ.

වහබ් රියාස් සහ මොහොමඩ් අමීර් මේ ලැයිස්තුවට ඇතුළත් නොවන අතර, හයිදර් අලි, මොහොමඩ් හස්නයින් සහ හරිස් රවුෆ් නැඟී එන කාණ්ඩායට ඇතුළත් කර තිබේ.

නව අදහස දක්වන්න