ශ්‍රීලනිප සභාපති යළි මෛත්‍රී | දිනමිණ

ශ්‍රීලනිප සභාපති යළි මෛත්‍රී

අනුර ප්‍රේමලාල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස යළිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට එහි විධායක සභාව ඊයේ (25) තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඊයේ (25) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවති අතර, පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස නැවතත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පත් කිරීමටද තීරණය වී තිබේ. ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත් වී ඇත.

නව අදහස දක්වන්න