හිටපු ඇමැති රවිට හා අර්ජුන එරෙහි අල්ලස් නඩුව මැයි 17 වැනි දා | දිනමිණ

හිටපු ඇමැති රවිට හා අර්ජුන එරෙහි අල්ලස් නඩුව මැයි 17 වැනි දා

රෝෂන් තුෂාර

මහබැංකු බැදුම්කර වෙන්දේසි තුනකින් රජය රුපියල් බිලයන 50කට අධික පාඩුවක් සිදු කෙළේ යැයි චෝදනා ලැබ සිටින පර්පුවල් ට්‍රෙසරීස් සමාගමේ අධ්‍යක්ෂ වරයකුගෙන් කොල්ලුපිටිය 'මොනාර්ක් ' නිවාස සංකීර්ණයෙන් නිවෙසක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ තවත් විත්තිකරුවකුට එරෙහිව පැවරූ අල්ලස් නඩුව මැයි 17 වැනි දා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ(1) දින නියම කෙළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ විභාග වු අතර ඒ මහතා බැදුම්කර නඩුව විභාග කරන විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ කටයුතු කරන බැවින් නඩුව වෙනත් අධිකරණයක කැදවිමට දමිත් තොටවත්ත ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියම කෙළේය.

2016පෙබරවාරි හා සැප්තැම්බර් කාලය අතර තුර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් අර්ජුන ඇලෝසියස් යන විත්තිකරුගෙන් ලබාගත් නිවෙසක පදිංචිව සිටිම,පර්පචුවල් සමාගමේ මුදලින් එම නිවෙසට රුපියල් මිලියන එකොලහකට අධික මුදලක් ගෙවීම ඇතුළු අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ මේ නඩුව ගොනු කර තිබිණි.

නව අදහස දක්වන්න