අැමැති නාමල් ඇතුළු හතර දෙනාගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට | දිනමිණ

අැමැති නාමල් ඇතුළු හතර දෙනාගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට

සිරන්ජනි කුමාරි

රුපියල් මිලියන 15ක මුදලක් අයථා ලෙස උපයා ගත් බව කියන මුදල් විශුද්ධිකරණය යටතේ මුල්‍ය අපරාධ කොට්ඨාශය ක්‍රීඩා හා තරුණ කටයුතු අැමැති නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය පනවා තිබු විදේශ ගමන් තහනම සමිපුර්ණයෙන් ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (01) නියෝග කෙළේය

නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉකුත් යහ පාලන සමයේ මුල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට මෙම නඩුව පවරා තිබිණ.

ඉකුත් නඩු දින දක්වා තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කිරීමට මිට පෙර අධිකරණය නියම කර තිබු අතර ඊයේ (1) ඔහුුගේ නිතිඥවරු කළ ඉල්ලීම අනුව අධිිකරණය මෙම නියෝගය නිකුත් කරමින් සැකකරුවන් හතර දෙනාට පනවා තිබු විදේශ ගමන් තහනම සමිපුර්ණයෙන් ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කෙළේය.

නව අදහස දක්වන්න