මස් වර්ගවල උපරිම මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඇමැති බන්දුල ගුණවර්ධන | දිනමිණ

මස් වර්ගවල උපරිම මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඇමැති බන්දුල ගුණවර්ධන

මස් වර්ගවල උපරිම මිලෙහි වෙනසක් සිදු කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (05) ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

'මස් වර්ග අලෙවි කිරීමට දැනට පනවා ඇති උපරිම මිල ගණන්වලට වඩා වැඩියෙන් මස් වර්ග අලෙවි කරන ස්ථාන වේ නම් එවැනි තැන් සම්බන්ධයෙන් මා දැනුම්වත් කරන්න. කුකුල් මස් නිෂ්පාදනය කරන්නන් කණ්ඩායමක් පසුගියදා මා හමු වූණා. ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළා.

විශේෂයෙන්ම බඩ ඉරිඟු මිල ඉහළ යෑම හේතුවෙන් ඔවුන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා. එයට විසඳුමක් ලෙස විකල්ප ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට අවස්ථාව දෙන ලෙස එම පිරිස ඉල්ලා සිටියා. මේ මොහොතේදී මස් වර්ගවල උපරිම මිල වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ.'

 

ස්වර්ණා විජේකෝන් සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න