මාතලේ බෞද්ධ විදුහලේ ක්‍රීඩා පිටියට පිවිසුම් මාර්ගයක් ඉල්ලා උපවාසයක් | දිනමිණ

මාතලේ බෞද්ධ විදුහලේ ක්‍රීඩා පිටියට පිවිසුම් මාර්ගයක් ඉල්ලා උපවාසයක්

මාතලේ සිංහල බෞද්ධ විදුහලේ දැනට භාවිතා කරන ක්‍රීඩා පිටිය හා පිවිසුම් පාර පාසලට ලබාදෙන ලෙස ඉල්ලා දින කිහිපයක් තිස්සේ පවත්වනු ලබන උපවාසයත් සමඟ සාමකාමි නිහඬ විරෝධතාවයක් මවුපියෝ විසින් විදුහලේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කර ප්‍රාදේශීය ලේකම් වෙත සංදේශයක් බාරදීම පෙරේදා (05) පෙරවරුවේ සිදුවූ අතර විසදුමක් නොලබුණු නිසා විදුහලේ නිර්මාතෘ අඹලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ පාසලේ පිවිසුම් දොරටුව අසල අට්ටාලේ මරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මෙලෙස උපවාස කළ සිංහල බෞද්ධ විදුහලේ නිර්මාතෘ හා මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනේ විහාරාධිපති අමරපුර මහ නිකායේ සිරිසද්ධම්මයුක්තික පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංගනායක හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය්‍ය අඹලගන්වත්තේ චන්ද්‍රසිරිහිමි පානන් වහන්සේ.

“දැනට මෙම විදුහලේ දරුවන් 900ක් පමණ ඉගෙනුම ලබනවා ගරු මණ්ඩලය 80ක් පමණ ඉන්නවා. මෙම පාසල රජය අනුමත උපකෘත පාසලක් විදිහට අයත් පාසලක් රජයෙන් නිල ඇඳුම් ලබාදීම, වැටුප් ලබාදීම සහ අනෙකුත් සියලු පහසුකම් ලබාදෙනවා. ලංකාවේ දැනට ගැසට් කරලා තියෙනවා මෙවැනි පාසල් 80ක් තිබෙනවා ප්‍රධාන පාසල් අතර බෞද්ධ බාලිකා කාන්තා විදුහල සහ මියුසියස් විදුහල මාතලේ පාසල් දෙකක් තිබෙනවා මේ පාසල ලබාදීල තියෙන්නේ බදු පදනම මත ඒ වගේම මෙහි ප්‍රතිඵල ඉතාම ඉහළයි ජනප්‍රිය පාසලක් බවට පත්වෙලා තියෙනවා.

 

ප්‍රියන්ත සුමනසේන - උකුවෙල සංචාරක සහ විරාජ් අබේසිරි - මාතලේ මධ්‍යම

නව අදහස දක්වන්න