දෛනික ආසාදිතයන් හමු වීම 200ට අඩුයි ජනතා සහාය අත්‍යවශ්‍යයි | දිනමිණ

දෛනික ආසාදිතයන් හමු වීම 200ට අඩුයි ජනතා සහාය අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 200ට වඩා අඩු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොරෝනා මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩසටහනට ජනතාව දෙන සහාය නිසා එම තත්ත්වය ඇති වී තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය පාලනය අවම කර ගැනීම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බවත් එම නිසා සංචරණ සීමා පැනවීමේ අව්‍යතාවක් නොමැති බවත් යුද හමුදාපතිවරයා කීවේය.

ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයකු නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කර සිටියේය.

ඉදිරි දින කිහිපයේදී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේදය අනුව කොවිඩ් රෝගීන් අඩු කර ගැනීම හෝ වැඩි කර ගැනීමට හැකියාවක් තියෙනවා. අප හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාව විසින් මේ සෞඛ්‍ය හුරුපුරුදුවලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයන් සමාජය තුළ සිටී නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න