මහ මොළකරුවකු හැදුවා දැයි සැකයි | දිනමිණ

මහ මොළකරුවකු හැදුවා දැයි සැකයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

සිද්ධිය සිදුව වසර දෙකක් ගත වීමෙන් පසු මහ මොළකරුවකු පෙරේදා (06) නම් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මේ සිද්ධිය කළ අය තවම නිදැල්ලේ සිටින්නේ නම් අපේ රට තවමත් විශාල අනතුරක තිබෙන බවත් ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය වූ දින සිට හැමෝම ඇසුවේ මහ මොළකරු කවුද කියලා බවත් කොමිෂන් වාර්තාවෙන් මහ මොළකරුවකු හඳුනා ගැනීමට තරම් සාක්ෂි නොමැති බවත් ඔහු කීය.

සිද්ධිය වූ වසරේ අප්‍රේල් 24 වැනිදා නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත් අතර, ඔහු කොමිසමට ඉදිරිපත් කර නැතැයිද ඔහු කාගේ හරි නිර්මාණයක්ද කියන ගැටලුව පැන නඟින්නේ යැයිද හෙතෙම පැවසීය.

ආණ්ඩුවට තිබෙන පීඩනයෙන් මිදෙන්න මේ මහ මොළකරු නිර්මාණය කර තිබෙන්නේද යන සැකය පවතින බවද ඔහු පැවසුවේය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න