CIDයේ විශ්‍රාමික දක්ෂයන් යළි සේවයට | දිනමිණ

CIDයේ විශ්‍රාමික දක්ෂයන් යළි සේවයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා දිනමිණට ඊයේ (07) පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් වන අතර, එහි දක්ෂ නිලධාරීන් පිරිස් සිටි ස්ථානයක් බවද විශ්‍රාම ගොස් සිටින එවැනි නිලධාරීන්ගේ සේවය තව දුරටත් අවශ්‍ය බවද ඇමැතිවරයා කීවේය.

විශ්‍රාම ගොස් සිටින එම දක්ෂ නිලධාරීන් සේවයට කැඳවීමට ඉදිරියේදී නියමිත බවද චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න