SLS හිමි පළමු හෙයාර් ඔයිල් සන්නාමය ‘කුමාරිකා’ | දිනමිණ

SLS හිමි පළමු හෙයාර් ඔයිල් සන්නාමය ‘කුමාරිකා’

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුශාඩ් පෙරේරා, හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින්හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ සහ හේමාස් මැනුෆැක්චරින් කණ්ඩායමේ සහභාගිත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දී මේ සහතිකය කුමාරිකා වෙත උත්සවශ්‍රීයයෙන් ප්‍රදානය කරන ලදි.

SLS සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති සුවිශේෂීතාවන්ට අනුකූලව කරන නිෂ්පාදන වෙනුවෙන් දෙන ඉහළම සහතිකයයි. කුමාරිකා සතු උසස් ගුණාත්මකභාවයෙන් යුත් පාරිභෝගික හිතකාමී නිෂ්පාදන පිළිබද මේ සහතිකය සාක්ෂි දරයි. නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ගැනීමේ සිට ඇසුරුම්කරණය දක්වාත් ඉන් ඔබ්බටත් විහිදුණු සමස්ත ක්‍රියාවලියත් හැකි උපරිමයෙන් උසස් ප්‍රමිතියෙන් ‍යුතුව කිරීමට කුමාරිකා කටයුතු කරයි.

හේමාස් මැනුෆැක්චරින්හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ මේ පිළිබඳ අදහස් දක්වමින්. "SLS සහතිකයෙන් පිදුම් ලැබූ ප්‍රථම හිසකෙස් තෛලය බවට පත් වීම අපට සැබැවින්ම ගෞරවයක් මෙන්ම අපගේ දිගු ගමනේ වැදගත් සන්ධිස්ථානයක්ද වනවා.

මේ ජයග්‍රහණය, අප කෙරෙහි මහත් විශ්වාසයක් තබා ඇති අපගේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙත වඩාත් අවධානයක් යොමු කරමින් නිරෝගී හිස කෙස් සත්කාර විසඳුම් දීමේ අපගේ කැපවීම වෙත වටිනාකමක් එක් කරනවා." යනුවෙන් පැවසීය.

 

නව අදහස දක්වන්න