AIC Campus සමග, ප්‍රංශයේ ලොව පිළිගත් උපාධියක් හිමි කර ගැනීමේ අවස්ථාව | දිනමිණ

AIC Campus සමග, ප්‍රංශයේ ලොව පිළිගත් උපාධියක් හිමි කර ගැනීමේ අවස්ථාව

ප්‍රංශයේ උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර දෙන, පළමු ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනය වන AIC Campus වෙතින්, උසස් පෙළ අවසන් කළ සිසුන්ට සීමාවාසික හා රැකියා අවස්ථා සහිතව ප්‍රංශයේ Grande Ecoles ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා
දැන් අවස්ථාව සැලසී තිබේ. 
 
දේශීය සිසුන්ට, AIC Campus හා අත්වැල් බැඳගත් අර්ධ වශයෙන් අරමුදල් සපයන, ප්‍රංශයේ ඉහළම පෙළේ පාසල් කිහිපයක ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර, තොරතුරු තාක්ෂණය හා ජෛව වෛද්‍ය විද්‍යාව යන විෂයන් සඳහා ලොව පිළිගත් උපාධි හිමි කර ගැනීමට හැකියාව පවතී.
 
ප්‍රංශය ලෝකයේ හොඳම ආර්ථිකයන් 10 සහිත රටවල් අතරින් එකක් වන අතර, AIRBUS, TOTAL, ORANGE, LMVH, LOREAL PARIS සහ DANONE වැනි ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර
සමාගම්වල නිවහන වන්නේද ප්‍රංශයයි. 
 
ප්‍රංශ භාෂාව යනු, ලොව තෙවැනි වඩාත් පොදු ව්‍යාපාරික භාෂාව වන අතර, ජනගහනයෙන් 30% ක් පමණ ප්‍රංශ භාෂාව කතා කරන කැනඩාවද ඇතුළුව ලොව පුරා බහුලව කභාෂාවක් වී තිබේ. ලොව පුරා ජාත්‍යන්තර සිසුන් සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තයන් අතරින් සිවු වැන්න ද වන ප්‍රංශයෙහි උපාධි
හදාරන සිසුන් සඳහා, ආකර්ෂණීය උපකාරක පන්ති ගාස්තු, ගුණාත්මක උසස් අධ්‍යාපනය, වඩාත් කැපී පෙනෙන පර්යේෂණ සහ සංවර්ධන අවස්ථා හිමි කර ගැනීමට මෙන්ම නවෝත්පාදන හා ව්‍යවසායකත්ව අංශවල තරුණ කුසලතා සඳහා වැඩි ඇගයීමක් ලබා ගැනීමටද අවස්ථාව පවතී. එරට තුළ අද්විතීය අධ්‍යාපන ක්‍රමයක් පවතින අතර, සිසුන්ගේ අධ්‍යාපන පිරිවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සඳහා අරමුදල් සපයමින් උසස් අධ්‍යාපනයෙහිලා පෞද්ගලික අංශය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන රටක් ලෙස ප්‍රංශය කීර්තියක් ගොඩ නඟාගෙන තිබේ.
 
ප්‍රංශයේ කීර්තිමත්, රාජ්‍ය හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන Grande Écoles ‘ (ප්‍රභූ පාසල්) ලෙස නම් කර ඇති අතර, ජාත්‍යන්තර සිසුන්ගෙන් 34% ක් පමණ මෙම පාසල්වල උසස් අධ්‍යාපනය හදාරති. Grande Écoles සඳහා අරමුදල් සපයනු ලබන සමාගම් සමූහයක් විසින් සෑම සිසුවෙකුගේම අධ්‍යාපනය සඳහා වන වාර්ෂික පුහුණු පිරිවැයෙන් 40% ක් සඳහා අරමුදල් සපයන අතර, සිසුන් විසින් ගෙවිය යුතු වන්නේ, ඔවුන්ගේ සම්පූර්ණ උපකාරක ගාස්තුවෙන් ඉතිරි 60% ක් පමණි. මෙම ප්‍රවේශයෙහි වැදගත්
ලක්‍ෂණයක් නම්, ප්‍රායෝගික ඇගයීම් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ඉඩ සලසමින් ප්‍රංශයේ සහ අනෙකුත් යුරෝපීය රටවල සීමාවාසික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව සිසුන් වෙත හිමි කර දීමයි. 
 
මෙමගින් සිසුන්ගේ උපාධිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, ස්ථිර රැකියාවක් ලබා ගැනීම සහතික කරලනු වස්, වඩා හොඳ පුහුණු තත්වයකට ඔවුන් පත් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම, 95% ක රැකියා අනුපාතයකටද හිමිකම් කියයි.
 
AIC Campus හි අරමුදල් සපයන අධ්‍යාපන වැඩසටහන මගින්, ශ්‍රී ලාංකීය සිසුන්ට සිය උපකාරක පන්ති ගාස්තුවෙන් 60% ක් පමණක් ගෙවා, ප්‍රංශයේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ දුර්ලභ අවස්ථාව පිරි නමයි. 2019 හා 2020 වසරවල අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංජිනේරු, ව්‍යාපාර, තොරතුරු තාක්‍ෂණ සහ ජෛව වෛද්‍ය යන විෂය ක්ෂේත්‍රයක් යටතේ, අර්ධ වශයෙන් අරමුදල් හිමිකර ගනිමින් ලොව පිළිගත් උපාධි පාඨමාලාවක් පිළිබඳ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම පිණිස, 2021 මාර්තු සහ සැප්තැම්බර් මාසයන්හි පැවත්වෙන බඳවා ගැනීම් සඳහා සුදුසුකම් ලැබිය හැකිය. 
 
AIC Campus සමග අත්වැල්බැඳගත් Grande Écoles පාසල් අතරට, ඉංජිනේරු විද්‍යාවේ Grande Écoles (ESIGELEC), ඉංජිනේරු උපාධි පාසල, EPF ඉංජිනේරු පාසල සහ ESTP ඉංජිනේරු පාසල
ආදියද, ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ Grande Écoles පාසල් අතරට, ජෛව තාක්‍ෂණය පිළිබඳ විශේෂිත ජෛව තාක්‍ෂණ පාසල සහ ව්‍යාපාර සහ කළමනාකරණය පිළිබඳ Grande Écoles අතරට, MONTPELLIER ව්‍යාපාරික පාසල, RENNES ව්‍යාපාරික පාසල සහ IPAC ව්‍යාපාරික
පාසල ඇතුළත් වේ. මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් ලෙසින්, අවම විෂයන් තුනක් යටතේ උසස් පෙළ විභාගය සමත් විය යුතු අතර, තෝරා ගැනීමේ ක්‍රියාවලිය ශිෂ්‍යයාගේ අධ්‍යාපන මට්ටම, විෂය බාහිර ක්‍රියාකාරකම්, කථන හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව සහ අධ්‍යයන කටයුතු සඳහා ඇති කැපවීම සැලකිල්ලට ගනිමින්, ස්ථානීය සම්මුඛ පරික්ෂණ මගින් සිදු කෙරේ.
 
AIC Campus යනු අන්තර්ජාතික උසස් අධ්‍යාපනයෙහි ප්‍රමුඛයා වන අතර, එය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සිසුන්ට දැරිය හැකි සහ ගුණාත්මක උසස් අධ්‍යාපන අවස්ථා පිරි නැමීමේ දැක්මෙන් යුතුව පිහිටුවා ඇත.
 
 කොළඹ, මහනුවර සහ යාපනය කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා ඇති නවීනතම උසස් අධ්‍යාපන ආයතන සමගින් AIC Campus, විදේශයන්හි හදාරන උපාධියම ඉතාමත් සුළු මුදලක් වැය කරමින් හැදෑරීමට සිසුන් හටඅවස්ථාව උදා කරමින්, ලොව පිළිගත් විශ්ව විද්‍යාල ශ්‍රී ලාංකීය සිසුන් වෙත සමීප කරවයි.
 
එමෙන්ම, AIC Campus‍, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, බෙලාරුස්, ඕස්ට්‍රේලියාව සහ මැලේසියාව වැනි ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල සඳහා ගෝලීය විශ්ව විද්‍යාල හුවමාරු වැඩසටහන්, උපාධි සම්පූර්ණ කිරීමේ වැඩසටහන් සහ සෘජු ස්ථානගත කිරීම්ද ඉන් සලසා දෙයි.
 
වැඩි විස්තර දැන ගැනීම සඳහා AIC Campus වෙත පිවිසෙන්න, නැතිනම් අමතන්න,154, හැව්ලොක් පාර, කොළඹ 05 / දුරකතන අංක 077 977 9776/077443 6725.
 

නව අදහස දක්වන්න