මහවැලි ගොවි දරුවන්ගේ නැණ පාදන අළුයටවෙල ද්වීතියික විද්‍යාලය | දිනමිණ

මහවැලි ගොවි දරුවන්ගේ නැණ පාදන අළුයටවෙල ද්වීතියික විද්‍යාලය

ඕනෑම රටක ජාතික අධ්‍යාපන පද්ධතියේ කැපී පෙනෙන අංගය වන පාසල් ජාලය එරට පිහිටා තිබෙන අපූර්වත්වයෙන් විචිත්‍ර වූ තැන් අතරෙහි ලා ගැ‍නෙයි. මෙරට පාසල් ද එම ගණයෙහිම ලා නොතැකීමට කවර හෝ හේතුවක් නොමැත.ඌව පළාත් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය අධ්‍යාපන කලාපීය අළුයටවෙල ද්වීතියික පාසලත් අපූරු තැනකි. මහියංගණය හා රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාස 2ක පිහිටා තිබෙන මහියංගණය අධ්‍යාපන කලාපයෙහි පිහිටුවා ඇති රජයේ පාසල් 82ක් අතර ඇති අළුයටවෙල ද්වීතියික විද්‍යාලය, අළුයටවෙල, දිවුලපැලැස්ස,රොටලවෙල, වැලිමඩයාය හා හෙබරව යන මහවැලි ගොවි ජනපදවල දරු දැරියන්ගේ යහපත තකා 1982 දී ඉදිකර තිබුණේ අළුයටවෙල මහා විද්‍යාලය ලෙසටය. එහෙත් මෑතක දී, එය ද්වීතියික පාසලක් බවට පත් කැරුණේ ඊට අයත් වූ ප්‍රාථමික ඒකකය වෙනම රජයේ පාසලක් හැටියට ඉන් වෙන් කරනු ලැබීමෙන් අනතුරුව බව එහි ඉතිහාසය කියයි.

අළුයටවෙල ද්වීතියික විද්‍යාලය අළුයට ගිනි නොමැති තැනක් බවට පත් ව තිබීම යන වැදගත් කාරණය මඟින් යමක් ඉගෙන ගත හැකිය. ඊට පෙර, එහි විදුලි බිල ගැන කතා-බහ කිරීම මඟින් තවත් වැදගත් කරුණක් ඉගෙනීමට ඉඩ-කඩ ලබා දිය යුතුව ඇත. වකුගඩු රෝග ව්‍යාප්තිය පාලන උපාය මාර්ගයක් හැටියට හඳුන්වා දෙනු ලැබූ ජල ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු ඒකකයක් (a reverse osmosis water purification plant) අළුයටවෙල ගොවි ජනපදය වෙනුවෙන් අළුයටවෙල ද්වීතියික විද්‍යාලය යටිතල ව්‍යුහයට ඉකුත් 2018 අවුරුද්දේ දී එක් කරනු ලැබීමෙන් අනතුරුව රුපියල් 8000ක මාසික විදුලි බිලක් ගෙවීමට වීම කෙරෙහි අවධානය යොමු කළ අළුයටවෙල විදුහල රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් හැටියට ලැබුණු හිරු එළියෙන් විදුලිය නිපදවීමේ උපකරණය එහි ගොඩනැඟිල්ලක වහලයේ පැත්තක්ම වසා දැමීමෙන් අනතුරුව විද්‍යාලයේ විදුලි බිලෙහි දක්වා තිබුණේ රුපියල් 100ක්-200ක් වැනි මුදලකි.ඇතැම් මාසයක ගෙවිය යුතු වූ විදුලි බිල වූයේ රුපියල් 0වකි. මෑතක දී එම උපකරණය තිබූ වහලය මතට බෝ අත්තක් කඩා වැටී එය අකර්මණ්‍ය වන තුරුම විදුලි බිලේ තත්ත්වය එපරිදිම වී තිබුණේ ය. ඒ අතර, ජාතික තරුණ සේවා සභාව මෙහෙයවූ ගමට කෝටියක් ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් පාසලේ දරු දැරියන්ට පමණක් නොව, පාසල පැවැත්වෙන කාලයෙන් අනතුරුව මහජනයාටත් විවෘත වූ එළිමහන් කියැවීම් හලක් ඉදිකර 2019 අවුරුද්දේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම තැන ලබා ගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කණ්ඩායම බිහි කිරීමටත් අළුයටවෙල විදුහලට හැකි වූ බව කියැවෙන නිල ලියැවිල්ලක් ද එහි දී හමුවීය. එහි තවදුරටත් දක්වා තිබූ පරිදි එම කණ්ඩායම මෙහෙයවූයේ ගුරු මණ්ඩලයේ ඩබ්ලිව්. එම්. එස්.වනිගසේකර, ඩී.එම්. කරුණාසුන්දර හා (මහියංගණය තරුණ සේවා නිලධාරී ඩී. එම්. කැළුම් දිසානායක) යන මහත්වරුය. එපමණක් නොව 2018 දී, 2019 දී හා 2020 දී පවත්වනු ලැබූ සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියට ඌව පළාත ( බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක 2ක) වෙනුවෙන් යොමු කරනු ලැබ ඇත්තේ අළුයටවෙල ද්වීතියික විදුහලේ ඩී. එම්. පියුමික නිර්මාල් දිසානායක සිසුවාය.

මේ වන විට 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හෙතෙම තම ජයග්‍රහණය ගැන කීමට වඩා වැඩි කාලයක් ගත කළේ ඉඳුනිල්, නිලූෂා අවන්ති හා නාලක යන ගුරු මහත්ම මහත්මීන් ගැන කීමටය. පියුමික ඔලිම්පියාඩ් ගිය අතර The Duke of Edinbourg's International Award Ceremony (එඩින්බරෝහි ආදිපාදවරයා ගේ ජාත්‍යන්තර ත්‍යාග ප්‍රදාන උලෙළ වෙනුවෙන් 2019 දී අළුයටවලින් ගිය ඩබ්ලිව්.ආර්. කාවින්ද්‍යා සෙව්වන්දි, ඊ. එම්. ප්‍රියංගිකා එදිරිසිංහ හා ටී. පිබිදිනී නවෝද්‍යා මෙන්ඩිස්, ලෝකඩ පදක්කම් හිමිකර ගත් බවත් එම දැරියන් මෙම අවුරුද්දේ එම උලෙළේ දී ප්‍රදානය කැරෙන රිදී පදක්කම් ලබා ගැනීමට හැකි කාණ්ඩයෙන් තරග වදින බවත් හෙළිකළේ ඔවුන්ගේ විද්‍යා ගුරුවරයා වූ ඩබ්ලිව්. එම්. එස්. වනිගසේකර මහතාටත් විදුහල්පති ටී.වසන්ත මෙන්ඩිස් මහතාටත් කෘතඥතාව පළ කරමිනි. අළුයටවෙල ඩබ්ලිව්.එම්.එම්. සුභාෂිණී, ඩී. එම්.එච්.කේ. සුභාෂිණී, එම්. එම්. ඒ. ධනන්ජනී, ජී.එම්. ජී. තරුෂි චේතනා, එච්. එම්. එස්. ටී. ඩිල්හානි, ඩබ්ලිව්. ඒ. එම්.සන්දීපනී, එස්. එම්.එස්. දේශාංජලී, ටී.ජී. අයි.එම්.ගුණවර්ධන, ඩී.එම්.අසංගිකා හේමමාලී, එම්. ජී. නදීශානි චම්පිකා, ඩී. එම්. ඉෂාරා සඳමාලී, ඩී. එම්. නිමේශ් තේමිය, ඩබ්ලිව්.එම්.ආර්. චානුක හා ඒ. ඒ. ෂෙහාන් මල්ෂාන් ද එඩින්බරෝහි ආදිපාදවරයාගේ ත්‍යාග ලබා ගත් මෙරට පාසල් දරු දැරියේ අතර වෙති. මෙම කුඩා හපනුන්ට මෙන් ම දැනට එහි ඉගෙනුම ලබන 300ක් පමණ වන ඔවුන්ගේ අළුයටවෙල මිතුරු මිතුරියන්ට මඟපෙන්වන්නෝ නාගදීපේ ඉන්දරතන හිමි (බුද්ධාගම, බෞද්ධ සංස්කෘතිය හා සිංහල), ටී. වසන්ත මෙන්ඩිස් (විදුහල්පති), ඩබ්ලිව්. එම්. ගුණවතී (ගෘහ විද්‍යාව), පී. ඒ. ඩී. ඩී. ද සිල්වා (ගණිතය හා වානිජ විද්‍යාව), එච්. එම්. අයි. එම්. ගුණසේකර (ඉංග්‍රීසි), එච්. අයි. පී. හෙට්ටිආරච්චි (ඉතිහාසය), එච්. එම්. එන්. ස්වර්ණමාලී (සිංහල), බී. බී. එස්.සංජීවනී බණ්ඩාර (නැටුම් හා උපදේශන ඒකකය භාර), එච්. එම්. සී. එම්. ප්‍රියදර්ශනී (සංගීතය හා පුරවැසි අධ්‍යාපනය), ඒ. අයි. විමලවීර (ඉංග්‍රීසි), පී. එම්. අයි. පී. පෙරමුණගේ (ගණිතය හා විද්‍යාව), ඩී. එම්. එච්. පී. දිසානායක (ඉංග්‍රීසි), බී. එස්. පී. පී. විජේසිංහ (විද්‍යාව) හා ජී. එම්. නන්දාවතී (චිත්‍ර හා දෙමළ) යන මහත්මීහු හා ආර්. එම්. බන්දුසේන (කෘෂිකර්මය), එම්. එම්. එන්. පී. අබේසිරි (ගණිතය හා වානිජ විද්‍යාව), කේ. පී. ආර්. කුමාර (චිත්‍ර හා දේශපාලන විද්‍යාව), කේ. ජී. එම්. අයි. තුෂාර (තොරතුරු තාක්ෂණය හා පරිගණක පුහුණුව), ඩබ්ලිව්. ජී. එස්. කේ. විජේකෝන් (සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය) හා ඩී. එම්. කරුණාසුන්දර (පුස්තකාලය භාර) යන මහත්වරුයි. එම ගුරු මණ්ඩලයත් අළුයටවෙල ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එන්. එම්. සී. නවරත්න, එස්. එම්. ජේ. ජී. අයි. කේ. සමරකෝන්, ඊ. එම්. ටී. එස්. එදිරිසිංහ, එච්. එම්. එච්. එස්. හෙන්නායක, ආර්. එම්. එන්. ඩී. රත්නායක, ඩබ්ලිව්. එම්. ඒ. ඒ. එම්. විජේසිංහ, එච්. එම්. එම්. එන්. එම්. රත්නායක, ඩී. එම්. පේමාවතී හා ඩබ්ලිව්. එම්. ජී. එම්. වික්‍රමසිංහ යන මහත්මීන් ද විදුහල්පති ඩී. එම්. ජේ. දිසානායක හා ආර්. එම්. යූ. ධර්මසිරි මහත්වරුන් ද අතරත් දැකිය හැකි මිත්‍රත්ත්වය ඉතා ඉහළ එකකි. අළු යට ගිනි නොමැති අළුයටවෙල යැයි මුලින් ම කියා ඇත්තේ ද එහෙයින් ම ය.

අද බ්‍රහස්පතින්දා එනම් අප්‍රේල් 8 වැනි දා ....අළුයටවෙලට වැදගත් දිනයකි. ඊට හේතුව ඉමාලි රාජපක්ෂ, බුද්ධික ඇටම්පාවල, මදුශාන් ගුණරත්න හා මනෝජ් දසනායක යන මහත්ම මහත්මීන් ලේකම්, සභාපති, උප සභාපති හා භාණ්ඩාගාරික තනතුරු දරන LET'S GROW TOGETHER (අපි එක් ව වැඩෙමු) ආයතනයෙන් වටිනා ඉගෙනුම් ආධාරක තොගයක් ඒ වෙනුවෙන් වන චාම් උලෙළක දී ඊට ප්‍රදානය කැරෙන හෙයිනි.

නවරත්න බංඩාර මහවැලි කලාපීය සමූහ

නව අදහස දක්වන්න