ආයතනික තාක්ෂණ විසඳුම් දෙන්න Softlogic - Huawei එක්වෙයි | දිනමිණ

ආයතනික තාක්ෂණ විසඳුම් දෙන්න Softlogic - Huawei එක්වෙයි

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC) හි අනුබද්ධ සමාගමක් වන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෘදුකාංග සහ දෘඩාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (Softlogic Information Technolgies) පුද්ගලික සමාගම සමඟ, නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් (Huawei Enterprise Solutions ), ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘතීම බුද්ධි (Artificial Intelligence) විසඳුම් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයක් මෑතකදී ප්‍රකාශයට පත් කළේය.

ඩිජිටල් ආර්ථිකය වර්තමානයේ රටේ සහ කර්මාන්තවල වර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස ස්ථිරව පිහිටුවා ඇති අතර නූතන ආර්ථිකයට ඩිජිටල් තාක්ෂණයන්හි වැදගත්කම අවිවාදිතය. දශක 3කට පමණ පෙර තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ සොෆ්ට්ලොජික් සමාගම තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය සඳහා අද රටේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක නම් දරයි. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර වල වර්ධනය ළඟා කර ගැනීම සඳහා අවැසි උපාය මාර්ග සැකසීමට උපකාරී වන තාක්ෂණය කළමනාකරණය කිරීම සඳහා නව්‍ය ක්‍රම සොයා ගැනීමට මෙමඟින් වන්නේ මහත් සේවයකි.

“පසුගිය දශකය තුළ බොහෝ තාක්ෂණික විප්ලව වුණා. අන්තර්ජාල විප්ලවය, ජංගම දුරකථන විප්ලවය සහ සමාජ මාධ්‍ය විප්ලවය මින් කිහිපයක්. කෙසේ වෙතත් මේ වෙනස්කම්වලට අනුගත නොවූ සංවිධාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. සොෆ්ට්ලොජික්හි අප උත්සාහ කරන්නේ ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීමටයි. ” සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස්හි ප්‍රධාන විධායක / අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා පැවසීය.

මේ අවස්ථාවට සහභාගි වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ලියැන් යී මහතා මෙසේ පැවසීය, “සොෆ්ට්ලොජික් සමඟ ඇති කර ගත් මේ සම්බන්ධතාවය මඟින් ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම්, උදාහරණ ලෙස ක්ලවුඩ් තාක්ෂණය දීමට අපට හැකි වීම ඉතා වැදගත්. මේ සඳහා දුරකථන සේවා මෙන්ම ආයතනික ජාල, උපාංග සහ ක්ලවුඩ් සේවා සහ සබැඳි විසඳුම් ලෙස අද්විතීය තරගකාරි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කළඹක් Huawei සතුයි. “

නව අදහස දක්වන්න