උතුරු අයර්ලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා | දිනමිණ

උතුරු අයර්ලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා

විධායකය හදිසියේ රැස් වෙයි

පසුගියදා රාත්‍රියේ උතුරු අයර්ලන්තයේ බටහිර බෙල්ෆාස්ට්හි ප්‍රචණ්ඩ ක්‍රියා උද්ගත වූ පසු උතුරු අයර්ලන්තයේ බලය බෙදාගැනීමේ විධායකයේ හදිසි රැස්වීමක් පැවැත්විණි.

කැරලි කෝලාහලවලින් පැය කීපයකට පසු පොලිස් නිලධාරීන්ට පහර දී පෙට්‍රල් බෝම්බ විසි කර බස් රථයක් ද පුලුස්සා දමා ඇත.

පක්ෂපාතී සහ ජාතිකවාදී ප්‍රදේශ අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් සම්මේලනය පවසයි.

අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ මේ දර්ශන ගැන තමා දැඩි අවධානයක් යොමු කරන බවයි.

උතුරු අයර්ලන්තයේ පොලිස් සේවයේ සහකාර ප්‍රධාන කොස්තාපල් ජොනතන් රොබට්ස් පවසන පරිදි පක්ෂපාතී ෂැන්කිල් පාරේ සහ ජාතිකවාදී ස්ප්‍රින්ග්ෆීල්ඩ් පාර දෙපස මිනිසුන් සිය ගණනක් පෙට්‍රල් බෝම්බ විසි කරමින් සිට තිබේ.

කැරලි මර්දනයට සහාය වීමට උතුරු අයර්ලන්තයේ වෙනත් ප්‍රදේශවලින් පොලිස් නිලධාරීන් කැඳවනු ලැබීය.

එය ප්‍රචණ්ඩත්වයේ හයවන රාත්‍රිය වන අතර එම කාලය තුළ පොලිස් නිලධාරීන් 55 දෙනෙකු තුවාල ලබා ඇත. පොදු ප්‍රවාහන සැපයුම්කරු වන ට්‍රාන්ස්ලින්ක්ට අනුව, පහර දී පුළුස්සා දැමූ ඩබල් ඩෙකර් බස් රථයේ රියදුරා “මේ සිද්ධියෙන් බෙහෙවින් කම්පා වී ඇති නමුත් ඔහුට ශාරීරිකව තුවාල වී නැත”.

නව අදහස දක්වන්න