හැරී කුමරු, එඩින්බරෝහි ආදිපාදවරයාගේ අවමංගල්‍යයට එයි | දිනමිණ

හැරී කුමරු, එඩින්බරෝහි ආදිපාදවරයාගේ අවමංගල්‍යයට එයි

ලබන 17වනදා පැවැත්වෙන එඩින්බරෝහි ආදිපාදවරයා වූ පිලිප් කුමරුගේ අවමංගල්‍යයට හැරී කුමරු මේ සතියේ යළි බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 
 
ඔහු සහ මේගන් මාක්ල් පසුගිය මාර්තු මාසයේදී රාජකීය රාජකාරිවලින් ඉවත් වූ පසු හැරී කුමරු බ්‍රිතාන්‍යයට පැමිණෙ පළමු අවස්ථාව මෙය වේ.   
 
එසේම හැරී කුමරුටද රජයේ කොරෝනා වෛරස් සංචාරක නීති අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි සදහන් වේ.
 
ඔහු තනිවම පැමිණෙනු ඇති අතර බකිංහැම් මාලිගය පවසන්නේ ඔහුගේ දෙවන දරුවා ලැබීමට බිරිඳ මේගන් මර්කල් ගැබ්ගෙන සිටින බැවින් සංචාරය නොකරන ලෙසට ඇගේ වෛද්‍යවරයා උපදෙස් දී ඇති බවයි.

නව අදහස දක්වන්න