පෙත්සම් සලකා බැලීමට විනිසුරු මඬුල්ලක් | දිනමිණ

පෙත්සම් සලකා බැලීමට විනිසුරු මඬුල්ලක්

නෙල්කා මැදගෙදර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට‘ එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා මේ විනිසුරු මඬුල්ල ලෙස පත් කර ඇති අතර, එම මඬුල්ල හමුවේ මේ පෙත්සම් ලබන 19 වැනිදා කැඳවීමට නියමිතව ඇත.‍

නව අදහස දක්වන්න