රට වෙනුවෙන් නිවැරැදි දේ කරන ඕනෑම අවස්ථාවක එජාපය ආණ්ඩුවට සහාය දෙනවා | දිනමිණ

රට වෙනුවෙන් නිවැරැදි දේ කරන ඕනෑම අවස්ථාවක එජාපය ආණ්ඩුවට සහාය දෙනවා

හිටපු ඇමැති වජිර අබේවර්ධන

රට වෙනුවෙන් නිවැරැදි දේ කරන ඕනෑම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙන බව හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (19) පැවැසීය. වරාය නගරය සම්බන්ධයෙන් වන පනත පාර්ලිමේන්තුවට නොගෙනවිත් සියලු පක්ෂවල, විද්වතුන්ගේ අදහස් විමසා, ලෝක දේශපාලනයට හා විදේශ ප්‍රතිපත්තියට අනුව සකස් කළා නම් වඩාත් යෝග්‍ය බව ද හෙතෙම පැවැසීය. කොළඹ වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව අනුව එකම රටක නීති පද්ධති දෙකක් ඇතිවීම භයානක තත්ත්වයක් බව ද කීවේය.

මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න