නෂීඩ් ඉලක්ක කර ගත් ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී | දිනමිණ

නෂීඩ් ඉලක්ක කර ගත් ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මහතාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකියි.
 
මාලදිවයිනේ අගනුවර වන මැලේ නගරයේ පිහිටි නිවසින් පිටත පැමිණි අවස්ථාවේ සිදු වූ පිපිරීමෙන් මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් තුවාල ලැබීය.
 
මෙම අතිශය තීරණාත්මක අවස්ථාවේ දී, මාලදිවයින් ජනතාව සහ රජය සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ජනතාව සහ රජය එක්වන අතර, සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනය කර සිටියි. 
 
නෂීඩ් ප්‍රතිකාර ලබන ADK රෝහල පැවසුවේ පසුගිය පැය 16 ක කාලය තුළ ඔහුගේ හිසට, පපුවට, උදරයට හා අත් පා වලට තුවාල වී ඇති බැවින් සැත්කමක් සිදු කළ බවය. දැඩි සත්කාර ඒකකයේ ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.  

නව අදහස දක්වන්න