අඟහරු යානයේ සාර්ථකත්වයට චීන ජනපතිගෙන් සුබ පැතුම් | දිනමිණ

අඟහරු යානයේ සාර්ථකත්වයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීනයේ අඟහරු ගවේෂණ යානය සාර්ථකව ගොඩබෑම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං, සුබ පැතුම් පිරිනමයි.
 
පාලක චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මධ්‍යම හමුදා කොමිසම නියෝජනය කරමින් හෙතෙම අඟහරු ගවේෂණ මෙහෙයුමට සහභාගි වූ සියලුම සාමාජිකයින් වෙත සුබ පැතුම් පිරිනැමීය.
 
ටියැන් ‍වන් -1 ගවේෂණ යානය අඟහරු ග්‍රහයා වෙත ගොඩබෑම, චීනයේ ග්‍රහ ගවේෂණ ගමනේ වැදගත් පියවරකි. එය පෘථිවි-චන්ද්‍ර පද්ධතියේ සිට අන්තර් ග්‍රහලෝක පද්ධතියට පිවිසීමට සංකේතවත් පිම්මක් බව චීන ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් සඳහන් කරයි. චීන ජාතිකයින්ගේ සලකුණ පළමු වරට අඟහරු ග්‍රහයා මත තැබීම සුවිශේෂ අවස්ථාවක් බව ද හෙතෙම පවසයි. 
 
චීනයේ අභ්‍යවකාශ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කැප වී සිටින සියලු දෙනාට ස්තුතිය සහ උපහාරය පිරිනමන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

නව අදහස දක්වන්න