ගංවතුරට ලක් වූ කොලොන්නාව බල ප්‍රදේශයේ පිළිසකර කිරීම් ඇරඹේ | දිනමිණ

ගංවතුරට ලක් වූ කොලොන්නාව බල ප්‍රදේශයේ පිළිසකර කිරීම් ඇරඹේ

පසුගියදා ඇති වූ වැසි තත්වය හමුවේ කොලොන්නාව බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර තර්ජනයට ලක් වූ ප්‍රදේශ වල  කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
මෙහි දී පීඩාවට පත් ජනතාවට සහන ආධාර ලබාදුන් අතර මේ සඳහා අවශ්‍ය දිගුකාලීන විසදුම් කෙරෙහි ඔහුගේ අවධානය යොමු කෙරිණ.
 
 ජලය නිසි පරිදි ගලා යාමට අවශ්‍ය ඇළවේලිකානු ආදිය සහ අක්‍රමවත් ඉදිකිරීම් මේ සඳහා හේතු වී ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි
 
 මෙහි පළමු පියවර ලෙස එම ජලය බැස යන ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි. 

නව අදහස දක්වන්න