ඊවා - රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳ ගනී | දිනමිණ

ඊවා - රතුකුරුස සමාජය සමඟ අත්වැල් බැඳ ගනී

කොවිඩ් වසංගතයේ බලපෑම මධ්‍යයේ පැමිණි අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් විපතට පත් විය.

සංචරණ සීමා පැනවී විවිධ දුෂ්කරතා මැද සිටි පිරිසකට අධික වර්ෂාපතනය සමඟ පැමිණි ගංවතුර හා නාය යෑම් ව්‍යසනයන් නිසා කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත් වීමට සිදු වී ඇත. මේ දුෂ්කර අවස්ථාවේදී සිය මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව අසරණව සිටින සුවහසක් කාන්තාවන් සහ යොවුන් දැරියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් දියත් කර ඇති සහන වැඩසටහනට සිය දායකත්වය දීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා (Eva) පසුගියදා ඉදිරිපත් විය. ඒ ආපදා තත්ත්වයට පත්ව ඇති ප්‍රදේශවල කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා 50,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය වෙත පරිත්‍යාග කරමිනි. මේ

සනීපාරක්ෂක තුවා තොගය ICL Brands සමාගමේ Eva කළමනාකාරීත්වය විසින් පසුගියදා කොළඹ 07 පිහිටි රතු කුරුස සමාජ මූලස්ථානයේදී එම සංවිධානයේ නියෝජත පිරිස වෙත ප්‍රදානය කරනු ලැබිණි. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මේ සනීපාරක්ෂක තුවා තොගය මූලික වශයෙන් කොළඹ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කෙරිණි.

 

නව අදහස දක්වන්න