මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජවිපෙන් පෙත්සමක් | දිනමිණ

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජවිපෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘මුදල් සංශෝධන පනත් කෙටුම්පත‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස මේ පෙත්සමෙන් ඉල්ලා තිබේ. පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිගු කලක් කටයුතු කළ තමන් 2012 - 2020 අතර කාලයේදී කෝප් කමිටුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් එක්වී කළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට සමත් වූ බව පෙත්සම්කරු කියයි.

නව අදහස දක්වන්න