මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළ දැමීමට අවධානය | දිනමිණ

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළ දැමීමට අවධානය

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරයි
 
ඒ අනුව ඉදිරියේදී අයෙකු මෙහෙකාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතු වේ
 
1956 අංක 47 දරණ පනතට වයස අවුරුදු 14 ඉක්ම වූ ළමයින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමිව තිබුණු අතර පසුගිය ජනවාරි 18 වන දා එම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමිණ
 
එහෙත් එම වයස් සීමාවේ අයවලුන්ද අන්තරාදායක රැකියා සඳහා යොදා ගැනීමට ද හැකියාවක් නොමැත
 
නමුත් මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස වර්ගීකරණය කර නොමැති බැවින් 16 ඉක්ම වූ අයෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ හැකියාව මේ වන විටත් පවතියි
 
රැකියා 52ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර ඇති අතර, නව සංශෝධනයට අනුව රැකියාවේ ස්භාවය අනුව සළකා බලා එම රැකියා සංඛාව 76 දක්වා ඉහළ දැමීමටද අපේක්ෂා කරයි

නව අදහස දක්වන්න