සකුරා මල් පිපුණු මිහි මත දැවැන්තම කෙළි උලෙළ ඇරඹෙයි | දිනමිණ

සකුරා මල් පිපුණු මිහි මත දැවැන්තම කෙළි උලෙළ ඇරඹෙයි

ප්‍රින්ස් ගුණසේකර

‘ඔලිම්පික් එපා’ කියමින් ටෝකියෝ පිටිය වටේ විරෝධතාවක්

මිහි මත දැවැන්තම ක්‍රීඩා උලෙළේ සමාරම්භය ටෝකියෝ නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) විචිත්‍රවත් ලෙස පැවැත්විණි. 32 වැනි වරට පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ආරම්භක කලා මංගල්‍යය ජපානයේ මහා කිංකිණි නාදයක් බවට පත් වුවද එය පියවි ඇසින් දැක බලා ගැනීමට ජපන් වැසියෝ අවාසනාවන්ත වූහ. වසර 1964දී ටෝකියෝ නුවරදී ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් පවත්වා ඇති හෙයින් වසර 57කට පසුව පැවැත්වෙන මේ මහා මංගල්‍යය ජපානයේ නූතන පරපුරට දැවැන්ත අත්දැකීමක් වී තිබේ.

කොරෝනාවට බිය ජපන් වැසියන් බහුතරය ඔලිම්පික් උලෙළ ප්‍රතික්ෂේප කරන වට පිටාවක් තුළ මෙය ආරම්භ කිරීම කැපී පෙනෙන සිදු වීමකි. රුපියල් බිලියන ගණනක වියදමින් අලුතින්ම ඉදි කළ ටෝකියෝ ක්‍රීඩාංගණය අසල ක්‍රීඩා උලෙළ පැවැත්වීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් ද පැවැත්විණි.

ලොව වෙළා ගත් කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ක්‍රීඩා උලෙළ වසරකින් කල්දමා ඊයේ දිනයේ ඒ සිහිනය සැබෑ කර ගැනීමට ජපානය සමත් වීම උත්සවය ආරම්භයේ විශේෂ පැසසුමට ලක් විය. කොරෝනා හේතුවන් පවතින ‘ආතතිය’ට පිළියමක් ලෙස සමාරම්භක උලෙළේ නිර්මාණ පෙළ ගස්වා තිබූ අතර, මෙවර තේමාව වූයේ “හැඟීමෙන් යුතුව එකමුතු වෙමු” යන්නයි. ටෝකියෝ 2020 ආරම්භක උත්සවය විශේෂාංග කිහිපයක් වටා නිර්මාණය වී තිබූ අතර, ඒවා සියල්ලටම පාදක වී තිබුණේ ලොව පුරා සිටින ජනයාට නව බලාපොරොත්තුවක් හා දිරිගැන්වීමක් අත් කර දීමය. සමාරම්භක උලෙළේ වඩාත් සංකේතාත්මක හා වැදගත් අංගයක් වූයේ ඔලිම්පික් දිවුරුමයි. ටෝකියෝ ක්‍රීඩා උලෙළේ දී වින්දනය, ජයග්‍රහණය මෙන්ම පරාජයට ගරු කිරීම, තම උපරිම උත්සාහය යෙදවීම, කිසිවකුට හෝ කරදයකින් තොරව තම අරමුණට ළඟා වීම සහ සැමට සමානාත්මතාවේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා දිවුරුම අනුගත කොට තිබිණි. ටෝකියෝ ඔලිම්පික් උලෙළ නිමා වන තුරුම ඉහළ අහසේ දැල්වෙමින් තිබෙන ඔලිම්පික් ගිනි සිළුව ජපානයෙන් බිහි වූ සුපිරි ටෙනිස් තරුව නයෝමී ඔසාකා විසින් දැල්වීමට නියමිතව තිබිණි. රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,324ක් ටෝකියෝ නගරයට පැමිණ සිටින අතර, නිලධාරීහු 3,487ක් සහභාගි වී සිටිති. ලොව පුරා සිටි විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 339ක් වෙනුවෙන් සටන් බිමට පිවිසෙති. ලොව පුරා සිටින මාධ්‍යවේදීන් 20,000ක් පමණ ටෝකියෝ ඔලිම්පික් වාර්තාකරණයට එක්ව සිටින අතර, ක්‍රීඩා උලෙළට සහභාගි වීම සඳහා පැමිණි සියලු දෙනාට උපරිම ආරක්‍ෂාව සැලසීමේ අරමුණින් මුළු ටෝකියෝ නගරයම අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත් කොට ඇත. එමෙන්ම කොරෝනා වසංගත හේතුවෙන් ටෝකියෝ නුවරට ලබන 22 වැනිදා දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට රජය කටයුතු කර තිබේ.

වසරකින් පමණ ප්‍රමාද වූ ටෝකියෝ 2020 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක හා සමාප්ති උත්සව සඳහා වැඩි මුදලක් වියදම් කිරීමට සංවිධායකයන්ට සිදුව ඇති අතර, නව ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැත්වන මේ අවස්ථා දෙකට ඩොලර් බිලියන 16.5ක් වැය වන බව සඳහන් වේ. කොරෝනා වයිරසය සම්බන්ධ කටයුතුවලදී ඩොලර් මිලියන 960ක් වැය කිරීමට සංවිධායකයන්ට සිදුව ඇත. ඊයේ වන විට ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සම්බන්ධ අයගේ පීසීආර් පරීක්ෂණ පමණක් 120,000ක් සිදු කර තිබිණි.

පොලීසියේ, ත්‍රිවිධ හමුදාවල හා පෞද්ගලික ආරක්‍ෂක සේවාවල විශාල පිරිසක් සීරුවෙන් සිටින අතර, ආරක්‍ෂක ගවේෂණ උදෙසා අති නවීනතම උපකරණ භාවිත කරමින් ස්වයංක්‍රීය ගුවන් යානා ටෝකියෝ අහසේ සැරිසරනු දක්නට ලැබේ.

නව අදහස දක්වන්න