ලක්ෂ 123ක හෙරොයින් සහ අයිස් සමඟ දෙදෙනෙක් කොටු වෙති | දිනමිණ

ලක්ෂ 123ක හෙරොයින් සහ අයිස් සමඟ දෙදෙනෙක් කොටු වෙති

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්තිඩියේදී සහ නාරම්මලදී රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ පනස් දහසක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 235ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබේ.

පෙරේදා (22) අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 400ක් සමඟ 32 හැවිරිදි එක් පුද්ගලයෙකු රුපියල් 94040ක මුදලක් සහ ජංගම දුරකතනයක්, මත්ද්‍රව්‍ය එතීමට ගන්නා කඩදාසි බන්ඩල් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් පුද්ගලයා 39 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගෙන ඇති අතර, නාරම්මල ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 30ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 805ක් සමඟ මොහු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රියන්ත සහ භක්ති මෙන්ඩිස්

නව අදහස දක්වන්න