Road to Rights සංවිධානය #ActiontoImpact අරඹයි | දිනමිණ

Road to Rights සංවිධානය #ActiontoImpact අරඹයි

තරුණ පරම්පරාව පෙරටු කර ගත් අන්තර්ජාතික සංවිධානයක් වන Road to Rights සංවිධානය යහපත් ලෝකයක් සඳහා තිරසර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු පාර්ශ්වකරුවන්ගේ ව්‍යාපාරය වන #ActionToImpact වැඩසටහන දියත් කළේය. #ActionToImpact යනු 2030 වන විට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කෙරෙන මුලපිරීම්වලට කාලෝචිත ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාව තුළ සිවිල් සමාජය, තරුණයන් සහ රජය සමඟ දිගු කාලීන තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීයත්වය හා බැඳෙමින් මේ වැඩසටහන පාර්ශ්වකරුවන්, ව්‍යාපාර බලමුලු ගැන්වීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.

සමාරම්භක උත්සවය virtual වැඩසටහනක් ලෙස පැවැත් වුණු අතර, ඒ සඳහා විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම, බොන් හි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සංවිධානයේ ගෝලීය අධ්‍යක්ෂ මරීනා පොන්ටි මහත්මිය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ILO හි ලංකා කාර්යාලයේ සිම්රින් සිං මහත්මිය, Road to Rights සංවිධානයේ නිර්මාතෘ අශාන් පෙරේරා, Global Strategic Corporate Sustainability හි සභාපති, ප්‍රධාන විධායක මෙන්ම UN Global Compact Sri Lanka හි නිර්මාතෘ ආචාර්ය රවී ප්‍රනාන්දු, ශ්‍රී ලංකා තිරසර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න