හිරේ ඉඳන් හලෝ කියූ රිෂාඩ්`නිලධාරීන්ට කොටු වෙයි | දිනමිණ

හිරේ ඉඳන් හලෝ කියූ රිෂාඩ්`නිලධාරීන්ට කොටු වෙයි

බුද්ධිකා ඉඹුලාන

මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පෙරේදා (1) සිර මැදිරියේදී ජංගම දුරකතනයක් භාවිත කරමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ට හසුවී ඇත.

ජංගම දුරකතනයෙන් කතා කරමින් සිටි රිෂාඩ් බදියුදීන්, මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයකු තම සිරමැදිරිය වෙත එනු දැක එම ජංගම දුරකතනය සිරමැදිරියේ කවුළුවෙන් පිටතට විසි කර තිබේ. මේ බව දුටු ප්‍රධාන ජේලර්වරයා ජංගම දුරකතනය අත්අඩංගුවට ගෙන ඇති අතර, එය වැඩිදුර පරීක්ෂණ සඳහා බන්ධනාගාර බුද්ධි අංශය වෙත භාර දී ඇත.

නව අදහස දක්වන්න