පෙරේදා කොවිඩ් එන්නත් මාත්‍රා 225,521ක් දෙයි | දිනමිණ

පෙරේදා කොවිඩ් එන්නත් මාත්‍රා 225,521ක් දෙයි

සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 225,521ක් පෙරේදා (11) දිනයේ දී පමණක් ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

පළමු මාත්‍රාව ලෙස 87,341ක් ද, දෙවැනි මාත්‍රාව ලෙස 138,180ක් ද කොවිඩ් මර්දන එන්නත්කරණයට එදින ලක්ව ඇති බව එම අංශය පවසයි.

කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 5116ක් ද, දෙවැනි මාත්‍රාව 1366ක් ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 70,260ක් ද, දෙවැනි මාත්‍රාව 119,346ක් ද, ෆයිසර් පළමු මාත්‍රාව 11,936ක් ද, දෙවැනි මාත්‍රාව 157ක් ද, මොඩර්නා පළමු මාත්‍රාව 29ක් ද, දෙවැනි මාත්‍රාව 17,311ක් ද ලෙස එදින එන්නත්කරණයට ලක්ව ඇත.

සමස්තයක් ලෙස මේ වන විට පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා 24,002,849ක් පෙරේදා (11) වන විට ලබාදී ඇති අතර පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13,458,621ක් සහ දෙවැනි මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 10,544,228ක් වේ.

නව අදහස දක්වන්න