වවුනියාවේ වයස්ගතම කාන්තාව කොරෝනාව බිලි ගනී | දිනමිණ

වවුනියාවේ වයස්ගතම කාන්තාව කොරෝනාව බිලි ගනී

වවුනියාවේ වයස්ගතම කාන්තාව ලෙස හදුනාගෙන සිටි වවුනියාව මූනාමඩු  ගම්මානයේ පදිංචි එස්.කදිරවේල් මාතාව කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන්  ඊයේ (14) දා මිය ගොස් තිබේ.
 
වයස අවුරුදු 104 ක් වූ මේ මාතාව දරු මුණුබුරන් 29 කගේ මුහුණු දැක ගැනීමට වාසනාව ලබා තිබේ.
 
උණ සහ සෙම් රෝගය වැලදී රෝහල් ගත කළ එම  මාතාව  පසුව කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව  හදුණාගෙන ඇති අතර  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබේ.
 
ඇය කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගෙන තිබු නමුත් වයස් ගත භාවය හා නිධන්ගත රෝග මැද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා  ඇය මිය ගොස් තිබේ.
 
(උතුරු පළාත් විශේෂ- රසුල දිල්හාර ගමගේ)

නව අදහස දක්වන්න