රුසියානු ජනපති ස්වයං නිරෝධායනයට | දිනමිණ

රුසියානු ජනපති ස්වයං නිරෝධායනයට

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වෙයි
 
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු කොරෝනා වයිරස ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත
 
 නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රුසියානු ජනාධිපති මන්දිරය නිවේදනය කරයි
 
ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්වද හමු වී ඇති බව වාර්තා වෙයි
 
‍ෙජනාධිපතිවරයා ස්වයං නිරෝධායනයට ලක් කිරීම හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය සදහා යොදා ඇති සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අත්හිටුවන බවයි ඔවුන් නිවේදනය කරයි

නව අදහස දක්වන්න